පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් දීපව්‍යාප්ත වශයෙන් සංවිධානය කර ඇති "කළයුත්තේ කුමක්ද?" සම්මන්ත්‍රණ මාලාව ආරම්භ කරමින් අද ගම්පහ නගරයේ පැවැත්වීමට නියමිත සම්මන්ත්‍රණයේ ප්‍රචාරක කටයුතු සිදුකරමින් සිටි සාමාජිකයින් දෙදෙනෙකු පොලීසිය විසින් ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගත් බව එම පක්ෂය පවසයි.
ඊයේ රාත්‍රී 12.00ට පමණ මොවුන් දෙදෙනා ගම්පහ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් එක් අයෙකුගේ රියදුරු බලපත්‍රය සහ රක්ෂණ සහතිකය තබා ගනිමින් පසුව ඔවුන් නිදහස් කර තිබේ.
කෙසේ වෙතත් මෙම නීති විරෝධී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සහ නීති විරෝධී ලෙස රියදුරු බලපත්‍ර සහ රක්ෂණ සහතික පොලීසිය සන්තක කර ගැනීම සම්බන්ධයෙන් ගම්පහ පොලීසියට එරෙහිව පැමිණිලි දෙකක් ගොනු කළ බව එම පක්ෂය වැඩිදුරටත් පවසයි.






