මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා ඊයේ පස්වරුවේ මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා කාර්යාලයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරියට තර්නය කර කාර්යාලයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරයෙකුට පහරදී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
මධ්‍යම පළාත් සෞඛ්‍ය ඇමති සුනිල් අමරතුංග මහතා මෙම පහරදීම සිදුකර තිබේ.
පහරදීමට විරෝධය පා අද දිනයේදී මධ්‍යම පළාතේ සියලුම වෛද්‍යවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.







