Latest news
A+ R A-

2012 උසස් පෙළ විභාගය අද ඇරඹේ

E-mail Print PDF

 

2012 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ විභාගය අද (06) ආරම්භ වේ.

සෑම පළාතක්‌ම ආවරණය වන පරිදි විභාග මධ්‍යස්‌ථාන 2093කදී පැවැත්වෙන උසස් පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 277671 දෙනෙකු පෙනී සිටින අතර ඉන්  2,36,025දෙනෙක්‌ නව නිර්දේශය යටතේ විභාගයට පෙනී සිටිති.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන සහ සම්බන්ධීකරණ මධ්‍යස්‌ථාන අධීක්‍ෂණය සඳහා අධීක්‍ෂණ කණ්‌ඩායම් පැය 24පුරාම යෙදවීමට පියවර ගෙන ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මෙවර විභාගයේදී විභාග නීති උල්ලංඝනය කරන අයදුම්කරුවන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කරන බවත් කිසියම් අයදුම්කරුවකු විභාග අක්‍රමිකතා සිදුකරන්නේ නම්  0112784208 , 0112784537 යන දුරකථන අංකවලට හෝ 1911 (පැය 24පුරා) යන ක්‍ෂණික ඇමතුම් අංකයට දන්වන ලෙසත් විභාග දෙපාර්තමේන්තුව ඉල්ලීමක්‌ කරයි. 0112785220 ,  0112785779 යන අංකවලට තොරතුරු ෆැක්‌ස්‌ කිරීමටද දෙපාර්තමේන්තුව පහසුකම් සලසා ඇත.

This content has been locked. You can no longer post any comment.

පුවත්

online

We have 74 guests online