ලොව වේගවත්ම මිනිසා යළි තහවුරු ලෙස යළි කිරුළ පළදින්නට ජැමෙයිකාවේ උසේන් බෝල්ට් ඊයේ (05) සමත් විය.
ලන්ඩන් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 100ඉසව්ව තත්පර 9.63කින් නිම කරමින් නව ඔලිම්පික් වාර්තාවක් ද සමග ඔහු මෙම ජය හිමිකරගත්තේය.
ඒ අනුව 2008බෙයිජිං ඔලිම්පික් උළෙලේදී මෙම ඉසව්ව සඳහා ඔහු විසින්ම පිහිටුවනු ලැබූ වාර්තාව අලුත් කිරීමට බෝල්ට හැකි විය. මීට පෙර මීටර් 100ඉසව්වේ ඔලිම්පික් වාර්තාව වුයේ තත්පර 9.69කි.
ලන්ඩන් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 100ඉසව්වේ රිදී පදක්කම ද තත්පර 9.75කින් තරගය නිම කළ ජැමෙයිකානු ක්‍රීඩක යොහාන් බ්ලේක්ට හිමි විය.
තත්පර 9.79කින් සිය ඉසව්ව නිම කළ අමෙරිකාවේ ජස්ටින් ගැට්ලින් තෙවැනි ස්ථානය හිමිකර ගත්තේය.









