ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය සහ මහාධිකරණ සංකීර්ණයේ බෝම්බයක් ඇති බවට පොලීසියට ලැබුණු ඔත්තුවකට අනුව එම භූමියෙන් ජනතාව ඉවත්කර සෝදිසි මෙහෙයුමක් සිදුකර තිබේ.
අද පෙරවරුවේ පොලීසියට ලැබුණු දුරකථන ඇමතුමකට අනුව මෙම සෝදිසි කිරීම සිදුකර තිබේ.
කප්රුක ව්‍යාපාරික ආයතනයේ හිමිකරු ඝාතනය කිරීමේ සිද්ධියේ හදුනාගැනීමේ පෙරට්ටුව සහ තවත් නඩු කිහිපයක් අද විභාගයට ගැනීමට නියමිතව තිබී ඇත.







