උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිසම් නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා සිව්වැනි ඉඩම් කොමිෂමක් ක්‍රියාත්මක කළ යුතු බව එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහාවූ ජාතික ක්‍රියාකාරී සැලැස්ම ප්‍රකාශ කරයි.
එහි ප්‍රධානත්වය දරන ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා පවසන්නේ උගත් පාඩම් කොමිසමෙන් ඉඩම් ගැටලු පිළිබඳ නිර්දේශයන් රාශියක් ඉදිරිපත්කර ඇති බැවින් ඒ පිළිබඳ කටයුතු කිරීමට මෙම ඉඩම් කොමිසම පත් කළ යුතුව අති බවයි.
එම කොමිසමේ කාලය මාස 24කි. මීට පෙර 1927, 1936 හා 1985 වසරවලදී ඉඩම් කොමිසම් පත්කර තිබේ.







