ලන්ඩනයේ පැවැත්වෙන ඔලිම්පික් තරඟය නැරඹීමට කැමැති ලාංකිකයන්ට අලෙවි කිරීම සඳහා ජාතික ඔලිම්පික් කමිටුවට ලබාදුන් ලක්ෂ 70ක් වටිනා ප්‍රවේශ පත්‍රවලට කුමක් සිදුවූයේද යන්න මේවන විට කතා බහට ලක්ව තිබේ.
සුපුරුදු ලෙසම මෙම ටිකට්පත්ද ජාතික ඔලිම්පික් කමිටුවේ බලධාරීන් විසින් වැඩි මිලට විදේශිකයන්ට විකුණා සිය මඩිය තරකර ගන්නට ඇති බව ක්‍රීඩා ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග පවසයි.
බි‍්‍රතාන්‍ය පවුම් 35සිට 200දක්වා මිල ගණන් වලට මිල නියම කර තිබෙන ඔලිම්පික් තරග ප‍්‍රවේශපත‍්‍ර අති විශාල ප‍්‍රමාණයක් රුපියල් ලක්ෂ 70තුළ ලබාගත හැකි අතර ඒවා ලබාගෙන නැවත වැඩි මිලකට විකුණා තිබේ. කෙසේ වෙතත් ඒවා ලබාගත්තේ කවුරුන්ටද යන්න තමන් නොදන්නා බව ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා පවසා තිබේ.







