ආණ්ඩු පක්ෂයට සම්බන්ධ ස්වාමීන් වහන්සේ නමක් විසින් වගාබිම් හෙක්ටයාර 4514කට අයත් වාරි ජලය බලහත්කාරයෙන් වෙනත් ප්‍ර දේශයකට රැගෙනයාමට එරෙහිව අගුණකොළ පැලැස්ස මුරවැසිහේන ප්‍ර දේශයේ ගොවීහු අද උද්ඝෝෂණයක නිරත වූහ.
ගොවීහු 300කට අධික පිරිසක් සහභාගීත්වයෙන් පැවැති මෙම උද්ඝෝෂණය හේතුවෙන් බෙලිඅත්ත - අඹිලිපිටිය ප්‍රධාන මාර්ගය පැය කිහිපයක් තිස්සේ අවහිර විය.
මෙම ස්වාමීන්වහන්සේ මෙලෙස වාරි ජලය රැගෙනයාම සදහා පොලිස් විශේෂ කාර්ය බලකායේද සහය ලබාගෙන ඇති බවට ප්‍රදේශවාසිහු චෝදනා කරති.









