එක්සත් ජාතික පක්ෂයේ සිටිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහය පළ කරන අනුරාධපුර දිස්ත්රික්කයේ ප්රා දේශීය සභා මන්ත්රීවරුන් පස් දෙනෙකු පක්ෂයෙන් නෙරපීමට එරෙහිව අද වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.
ගලෙන්බිඳුණුවැව, කැකිරාව, රඹෑව, තිරප්පනේ, කහටගස්දිගිලිය සහ ඉපලෝගම යන ප්රාදේශීය සභාවල මන්ත්රීවරුන් විසින් සිවිල් අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සමක් අද විභාගයට ගත් අවස්ථාවේදී අධිකරණය මෙම වාරණ නියෝගය නිකුත් කළේය.
රජයේ සංවර්ධන වැඩපිළිවෙලට සහයෝගය පළ කිරීම හේතුවෙන් තමන් එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපීම වළක්වන ලෙස ඉල්ලමින් අදාළ මන්ත්රීවරුන් මෙම පෙත්සමගොනුකර තිබිණි.
එය සලකා බැලූ අධිකරණය අදාළ නෙරපීම වළක්වාලමින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතාට සහ මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.
මේ මස 31 වැනිදා දක්වා එය බලාත්මකය.







