2011 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ප්‍රතිඵල සම්බන්ධයෙන් මතුව ඇති ව්‍යාකූලතාවය විසදෙන තෙක් විශ්වවිද්‍යාලවලට සිසුන් බදවා නොගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂම අද (06) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දුන්නේය.
උසස් පෙළ සිසුන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සමක් අගවිනිසුරු ශිරානි බණ්ඩාරණායක, කේ. ශී්රපවන් හා එස්.අයි. ඉමාම් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් හමුවේ සලකා බැලූ අවස්ථාවේදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව මේබව දන්වා සිටියේය.
ප්‍රතිඵල සම්බන්ධයෙන් මතුව ඇති ව්‍යාකූලතා හේතුවෙන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට සිසුහු මෙම පෙත්සම ගොනුකර තිබිණි.
අදාල පෙත්සම මගින් වග උත්තරකරුවන් ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව, විභාග කොමසාරිස්වරයා හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා නම්කර ඇත.
පෙත්සම්කරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතීඥ සාලිය පීරිස් මහතා පෙනී සිටියේය.








