නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය විසින් සම්පාදනය කළ ”ස්වයං තීරණ අයිතිය බෙදාවෙන් කර පාලනය සහ ස්ත‍්‍රිය” පොත එළිදැක්වීමහා සම්මන්ත‍්‍රණයඅද (06) කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි. මීට සමගාමීව ඊයේ (05) සහ අද යන දින දෙකේදීම "unseen colors" යන නමින් ඡායාරූප ප‍්‍රදර්ශනයක්ද පැවැත්වීමට නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය කටයුතු යොදා තිබුණි.
කෙටි චිත‍්‍රපටයක කොටසකින් ආරම්භ වු වැඩසටහනේ ප‍්‍රථම කථිකයා ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ වරුණ රාජපක්ෂ මහතා අදහස් දැක්වීය. වැඩි දුරටත් අදහස් දැක්වු ඔහු කියා සිටියේ ලාංකීය ස්ත‍්‍රිය තම අයිතිවාසිකම් දිනා ගැනීම පිළිබඳ දැඩි පසුගාමීත්වයක සිටින බවයි.
අනෙක් සියලූ දේශපාලන පක්ෂ මෙන්ම වමේ දේශපාලන පක්ෂද සිදුකරන්නේ පුරුෂ දේශපාලනයක් බවත් තමාත් ඇතුළුව සියලූ දෙනාටම ඉන් මිදීමේ අභියෝගය ඇති බවත් ඔහු කියා සිටියේය. ජාතික හෙළ උරුමය, එක්සත් ජාතික පක්ෂය හෝ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ස්ත‍්‍රියගේ දේශපාලන අයිතිය පිළිබඳ කතා නොකරන බවත් නමුත් වමේ දේශපාලන ව්‍යාපාරයක් ලෙස ඔවුන්ට එම වගකීම අත්හළ නොහැකි බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
මෙහිදී අදහස් දැක්වු නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ විධායක සභික දිමුතු ආටිගල මහත්මියද ස්ත‍්‍රිය තම අයිතීන් වෙනුවෙන් සටන් කළ යුතු බවද අවධාරණය කෙරිණි.









Comments
What an irony??
සම තත්වේ නම් දිමුතු හරි වෙන කාන්තවකටනේ දෙන්න තිබ්බේ කතා කරන්න