පළතුරු වෙළෙන්දෙකුට පහරදුන් බව කියන වත්තේගම නගරාධිපතිවරයා අද (07) දින පොලීසියට පැමිණ භාරවීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
නගරාධිපතිවරයා මෙම පහරදීම සිදුකර ඇත්තේ පසුගිය 29වනදා වන අතර මේවන තෙක් ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලීසිය ක්‍රියාකර නොතිබිනි.
කෙසේ වෙතත් නගරාධිපතිවරයා වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය පොලීසියට නියෝග කොට තිබිණි. ඒ අනුව අත්අඩංගුවේ පසුවන වත්තේගම නගරාධිපතිවරයා අද දින තෙල්දෙනිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව වත්තේගම පොලීසිය පවසයි.








