Latest news
A+ R A-

විටෝල් සමාගමෙන් තවත් ඉන්ධන මෙ.ටොන් 40,000ක් හෙට දිවයිනට

E-mail Print PDF

 

ප්‍රමිතියෙන් තොර ඩීසල් ලබාදුන් බවට චෝදනා එල්ලවී තිබෙන සිංග්පූරුවේ විටෝල් සමාගම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි ලේඛනයෙන් ඉවත්කරනු ලැබූවද කෙලවරපිටිය බලාගාරයට අවශ්‍ය ඉන්ධන මෙට්‍රික් ටොන් 40000ක් හෙට (08) ලංකාවට ගෙන ඒමට නියමිත බව ඛනිජ තෙල් ජාතික සේවක සංගමයේ සභාපති ආනන්ද පාලිත මහතා ප්‍රකාශ කළේය.

පසුගිය ජුලි 17 වැනිදා මෙම සමාගම විසින් ලබාදුන් ඩීසල් මෙට්‍රික් ටොන් 40000න් කොලොන්නාවේ තෙල් ගබඩා සංකීර්ණයෙන් බෙදා හැර තිබූ මෙට්‍රික් ටොන් 20000ක් පිරවුම්හල්වලට බෙදා හැරීමත් සමග රට තුළ රථවාහන විශාල ප්‍රමාණයක දෝෂ ඇති විය.

මෙනිසා විටෝල් සමාගමෙන් ඉන්ධන ලබාගැනීම තාවකාලිකව නවතා දමා තෙල් සංස්ථාවේ ඉන්ධන සපයන සමාගම් ලියාපදිංචි ලයිස්තුවෙන්ද ඉවත් කරනු ලැබීය.

එසේ චෝදනා එල්ලවී තිබියදීත් මේවන විට ලියාපදිංචි ලේඛනයෙන් ඉවත්කර තිබෙන මෙම සමාගමෙන්, කෙරවලපිටිය බලාගාරයට අවශ්‍ය ඉන්ධන මෙට්‍රික් ටොන් 40000ක් මෙලෙස ගෙන්වීමට කටයුතු කර ඇති බව ආනන්ද පාලිත මහතා චෝදනා කරයි.

එමෙන්ම ඉන්ධන ප්‍රමිතියෙන් තොර බවට බරපතල චෝදනා එල්ලවී තිබියදී එම ඉන්ධන කෙරවලපිටිය බලාගාරයට යෙදවීම මගින් බලාගාරයට යම් හානියක් සිදුවුවහොත් එහි වගකීම ගන්නේ කවුරුන්ද යන්න මේවන විට ගැටලුවක්ව ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය. 

This content has been locked. You can no longer post any comment.

පුවත්

online

We have 171 guests online