විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශය අතර ඇතිකරගත් එකඟතා ගිවිසුම අනුව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු නොකරන්නේ නම් ලබන 10වැනිදායින් පසුව වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවට විශ්වවිද්‍යාලවල අනධ්‍යයන කාර්ය මණ්‌ඩල සාමාජිකයෝ අනතුරු අඟවති.
අනධ්‍යයන වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සමග ඇතිකරගත් ගිවිසුම දින 45ක් ඇතුළත ක්‍රියාත්මක කරන බවට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පොරොන්දු වූ නමුත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි ද ලබන 10වැනිදා වන විට දින 45කාලය සම්පූර්ණ වන බවද ඒකාබද්ධ කමිටුවේ සභාපති ආර්. එම්. චන්ද්‍රපාල මහතා පැවසීය.
දස දහසක් පමණ වන අනධ්‍යයන කාර්ය මණ්‌ඩල සාමාජිකයන් වෘත්තීය ක්‍රියාමාර්ගවලට යැම වළක්‌වාලීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය අවශ්‍ය පියවර ගනු ඇතැයි අපේක්‌ෂා කරන බවද චන්ද්‍රපාල මහතා කීවේය.








