පසුගිය ජුනි 28 වනදා වවුනියාව බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියෙන් පසුව දැඩි ලෙස පහර කෑමට ලක්ව කෝමා තත්ත්වයේ පසුවු තවත් දෙමළ දේශපාලන සිරකරුවකු අද අළුයම රාගම රෝහලේදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ යාපනයේ පතයිපූර් හි පදිංචිව සිටි මරියදාස් නේරිස් දිල්රුක්ෂාන් නැමැති 34 හැවිරිදි පුද්ගලයෙකි.
අද අළුයම 2.40ට පමණ රාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී ඔහු මියගොස් තිබේ.
වවුනියාව බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධියෙන් පසු මේ ආකාරයෙන් දැඩි ලෙස පහරකෑමට ලක්ව නිමලරුබන් නැමැති දේශපාලන සිරකරුවා පසුගිය ජුලි 04 වැනිදා මහර බන්ධනාගාරයේදී මරු මුවට පත්විය.







