A+ R A-

නායකත්වය තේරීමේ එ.ජා.ප. තීරණයට තාවකාලික වාරණයක්

E-mail Print PDF

 

නායකත්වය තේරීම වසර 6 දක්වා දීරඝ කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගනු ලැබූ තීරණය තාවකාලිකව අත්හිටුවමින් ගල්කිස්ස දිසා අධිකරණය අද (08) වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

පසුගිය ජූලී මස 19 වන දින එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධීකාරී මණ්ඩලය විසින් නායකත්වය තේරීම වසර 06ක් දක්වා දීර්ඝ කිරීමට ගනු ලැබු තීරණය පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි බවට එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා මන්ත්‍රී නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා ගොනුකළ පෙත්සමක් සලකා බැලීමෙ‍න් අනතුරුව ගල්කිස්ස දිසාවිනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙම නියෝගය නිකුත්කෙරිණි.

ඉදිරිපත් වු කරුණු සලකා බැලූ දිසා විනිසුරුවරයා අදාළ නියෝගය නිකුත් කළ අතර නඩු විභාගය ලබන සැප්තැම්බර් මස 02 වන දිනට කල් තැබීය.

This content has been locked. You can no longer post any comment.

කාලගුණ අනාවැකිය

ජූලි මස 25 දිනය සඳහා කාලගුණ අනාවැකිය

ජූලි මස 25 දිනය සඳහා කාලගුණ අනාවැකිය

  මහජනයා සඳහා - දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇති වේ. මෙම වැසි වයඹ පළාතට... Read more

online

We have 137 guests online

Advertisment

advertisment