නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ විදුලි උද්පාදනය ඇන හිට ඇති බව විදුලිබල හා බල ශක්ති අමාත්‍යංශය පවසයි. එම බලාගාරයේ සිට වේයන්ගොඩ දක්වා විදුලි සම්ප්‍රේෂණ රැහැනක ඇතිවූ දෝෂයක් නිසා විදුලි උද්පාදනය ස්වයංක්‍රීයව ඇන හිට තිබේ.
මේ හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරෙන මෙගාවොට් 300ක විදුලි ධාරිතාවක් අහිමිවී තිබේ.
කෙසේ වෙතත් එය යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කෙරෙමින් පවතින බව විදුලි බල මණ්ඩලය පවසති.









Comments