විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කෙතෙක් අරගල කළද ඔවුන්ගේ වැටුප් ඉහළ නැංවිය නොහැකි බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි. සෙසු රාජ්‍ය සේවකයන්ට සාපේක්ෂව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් ඉහළ නැංවීමට රජය කටයුතු කළ බව ඒ මහතා පවසයි.
කෙසේ වෙතත් තම ගැටලු වලට විසඳුම් ලැබෙනතෙක් වර්ජනය අත් නොහරින බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි. එහි සභාපති නිර්මාල් රංජිත් දේවසිරි මහතා ප්‍රකාශ කළේ මෙවර උසස් පෙළ විභාගයේ උත්ර පතු ඇගයීමේ කටයුතුවලින්ද ඉවත්වීමට තම සංගමය තීරණය කර ඇති බවයි.








