සිය බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධියකට වරදකරු වී මරණ දණ්ඩනය හිමිවූ පුද්ගලයෙකු අධිකරණය තුළදීම සිය ගෙල බ්ලේඩ් තලයකින් කපා ගැනීම නිසා තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
මෙලෙස සිය දිවි නසා ගැනීමට උත්සාහ කර ඇත්තේ 2006 වසරේදී රාමදාස් ඉන්ගේෂ්වරී නැමැති කාන්තාව ඝාතනයට වරදකරුවූ පුද්ගලයාට අද (09) නුවරඑළිය මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කළ අවස්ථාවේය.
එම තීන්දුව ප්‍රකාශයට පත්කරනවාත් සමගම අදාළ පුද්ගලයා තියුණු ආයුධයකින් ගෙල කපාගෙන තිබේ. ඉන් තුවාළ ලැබූ ඔහු නුවරඑළිය රෝහලට ඇතුළත් කොට ඇත.







