එක්සත් ජාතික පක්ෂ නායකත්වය විසින් ජාතික නීතිඥ සංගමයට අලුතින් පත්කරන ලද නිලධාරී මණ්ඩලයේ කටයුතු තාවකාලිකව වලකාලමින් කොළඹ දිසා අධිකරණය අද වාරණ නියෝගයක් නිකුත් කොට තිබේ.
ජාතික නීතිඥ සංගමයේ නීත්‍යනුකූල සභාපතිවරයා හා ලේකම්වරයා වෙනුවට වෙනත් දෙදෙනකු පත්කිරීමට එරෙහිව හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මහේන් ගුණසේකර මහතා ගොනු කළ පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුව දිසා අධිකරණය මෙම නියෝගය නිකුත් කොට තිබේ.
ජාතික නීතිඥ සංගමයේ සභාපති ලෙස පත්ව ඇති නීතිඥ උපුල් ජයසූරිය මහතාද,ලේකම් ලෙස පත්ව ඇති ගුණරත්න වන්නිනායක මහතාද වෙනුවට,සභාපති ලෙස නීතිඥ තිලක් මාරපන මහතාද,ලේකම් ලෙස නිශ්ශංක නානයක්කාර මහතාද පත්කිරීමට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් කටයුතු කරමින් සිටියි.
ඒ අනුව ලබන 23 වන දින නඩුව යළි කැඳවීමට නියමිත අතර එහිදී වික්‍රමසිංහ මහතාට තමන් වෙනුවෙන් අධිකරණය ඉදිරියේදී කරුණු දක්වන ලෙස කොළඹ දිසා අධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා රනිල් වික්‍රමසිංහ මහතාට නියෝග කර තිබේ.








