අත්අඩංගුවේ සිටින දේශපාලන සිරකරුවන්ට පහරදී ඔවුන් මරා දැමීමට විරුද්ධව, සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස බල කරමින් සහ සියලු ජාතික ප්‍රජාවන්ට සමාන අයිතිවාසිකම් දෙන ලෙස බල කරමින් හෙට දිනයේදී වවුනියාව නගරයේදී විරෝධතා බැනරයකට අත්සන් තැබීමට කටයුතු සූදානම්කර ඇති බව මානව හිමිකම් සඳහා ක්‍රියාකාරිකයෝ සංවිධානය පවසයි.
මෙම අවස්ථාවට දේශපාලන පක්‍ෂ නායකයින් හා දේශපාලන සිරකරුවන්ගේ පවුල් වල සමාජිකයන් සහභාගි වීමට නියමිත බවද එම සංවිධෘනය පවසයි.






