අද දහවල් 12.00සිට විදුලි බල මණ්ඩල සේවකයෝ වැඩ වර්ජනයක් ආරම්භ කරති.
වැටුප් විෂමතා ඉවත් කරන ලෙස බල කිරීම සහ විදුලි බල මණ්ඩලයේ පාලනාධිකාරය සමග පසුගිය හය වැනිදා ඇති කර ගත් එකඟතා කඩ කිරීමට විරෝධය පළ කිරීම වැඩ වර්ජනයේ අරමුණයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා පවසන්නේ මාස හතරක් තුළ ගැටලූ විසඳන බවට පොරොන්දුවක් දී තිබියදී වැඩ වර්ජන කැඳවීම සාධාරණ නොවන බවයි.







