ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය වෙනස් කර තිබේ. බාල ඞීසල් ගෙන්වීම නිසා මෙම තීරණය ගත් බව ආණ්ඩුව පවසයි.
ඒ අනුව නව සභාපතිවරයා ලෙස පරිපාලන නිලධාරියකු වන තිලක් කොල්ලූරේ මහතා පත් කර ඇති අතර හෑන්ස් විජේසූරිය, සාගර කාරියවසම්, නලින් පැටිකිරිකෝරාළ ඇතුළු හත් දෙනකුගෙන් සමන්විත අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.
අධ්‍යක්ෂ මණ්ඩලය වෙනස් කළද බාල තෙල්වලින් ලාබ ලැබූ දේශපාලන අධිකාරිය තවමත් වෙනස් වී නැතැයි සේවකයෝ පවසති.








