එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතා මෙවර පළාත් සභා මැතිවරණයේ එජාප කථික ලැයිස්තුවෙන් ඉවත් කර ඇතැයි වාර්තා වේ.
එමෙන්ම දයාසිරි ජයසේකර මහතාටද අවස්ථා ලබා දී නැත. ඔවුන් දෙදෙනාම මැතිවරණ ක‍්‍රියාවලියෙන් ඉවත් කර තැබීමට රනිල් වික‍්‍රමසිංහ මහතා පියවර ගෙන ඇතැයි, මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ එජාප ප‍්‍රකාශකයකු පැවසීය.
කෙසේ වෙතත් කරූ ජයසූරිය මහතා සහ දයාසිරි ජයසේකර මහතා මැතිවරණ ක‍්‍රියාවලිය තුළ යම් යම් කටයුතුවලට සම්බන්ධ වීමට පෞද්ගලිකව සූදානමින් සිටින බව වාර්තා වේ.







