A+ R A-

ආචාර්යවරු ඊයේ රෑත් සාකච්ඡාවක

E-mail Print PDF

 

altවිශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නියෝජිතයින් හා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ රාත‍්‍රී පැවැත් විණි.

පැය තුනකට ආසන්න කාලයක් පැවති සාකච්ඡාවෙන් අනතුරුව ඇමතිවරයා විසින් රජයේ පාර්ශ්වයෙන් ආචාර්යවරුන් වෙත ලිපියක්ද බාර දී තිබේ.

මේ මොහොතේ ආචාර්යවරුන්ගේ වැටුප් වැඩි කළ නොහැකි යැයි සඳහන් කරන එම ලියවිල්ල මගින් ආණ්ඩුව වැඩිදුරටත් පවසන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විශේෂ කොටසක් සේ සලකා කටයුතු කිරීමට සූදානම් බවයි. එමෙන්ම අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදල වැඩි කිරීමටද එකඟ වී ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් එම සමිති සම්මේලනයේ ලේකම් ආචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පැවසුවේ, සිය සාමාජිකයින් සමග සාකච්ඡා කොට අවසන් එකඟතාවකට පැමිණෙන තුරු වැඩ වර්ජනය නතර නොකරන බවයි. සිය සාමාජිකයින් සමග පැවැත්වෙන සාකච්ඡාවේදී මෙම පොරොන්දු පිළිගන්නේද නැද්ද යන්න පිළිබඳව තීරණය කරන බව ඔහු සඳහන් කරයි.

This content has been locked. You can no longer post any comment.

කාලගුණ අනාවැකිය

ජූලි මස 30 දිනය සඳහා කාලගුණ අනාවැකිය

ජූලි මස 30 දිනය සඳහා කාලගුණ අනාවැකිය

මහජනයා සඳහා -   දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි ස්වල්පයක් ඇති වේ. මධ්‍යම කදුකරයේ විටින් විට... Read more

online

We have 150 guests online

Advertisment

advertisment