බදුල්ල මහ රෝහලේ සුළු සේවකයින් විසින් එම රෝහල ඉදිරිපිට අද උදෑසන පවත්වන ලද උද්ඝෝෂණයක් පොලීසිය විසින් කදුළු ගෑස් ප්‍රහාර එල්ලකර විසුරුවා හැර තිබේ.
ඊයේ දිනයේදී රෝහල් සුළු සේවකයකු අනතුරට ලක්කළ රියදුරකු අත්අඩංගුවට ගන්නැයි පොලීසියට බලකරමින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි. එම අනතුරින් තුවාළ ලැබූ සුළු සේවකයා මේවන විට බරපතළ තත්ත්වයේ පසුවන බව උද්ඝෝෂකයින් පවසයි.
කෙසේ වෙතත් පොලීසිය පවසන්නේ එම රියදුරා මේවන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි.







