ඊයේ රාති‍්‍රයේ (11) පැවති මීටර් 100x4සහය දිවීමේ තරගයෙන් වාර්තාගත ජයක් අතරකර ගැනීමට ජැමෙයිකානු පිල සමත්විය. නෙස්ටා කාර්ටර්, මයිකල් ෆේ‍්‍රටර්, යොහාන් බ්ලේක් හා යුසේන් බෝල්ට් ගෙන් සමත්විත වූ ජැමෙයිකානු පිල ලෝක වාර්තාවක් ද තබමින් තත්පර 36.84කදී මෙම තරගය නිමා කළේය.
තත්පර 37කට අඩු කාලයකදී මෙම ඉසව්ව නිමා කිරීමට සමත් වූ පළමු පිල ලෙස මොවුන් කී‍්‍රඩා ඉතිහාසයට එක්විය.
මෙම රන් පදක්කමත් සමග යුසේන් බෝල්ට් 2012ලන්ඩන් ඔලිම්පික් උළෙලේ දී ද ති‍්‍රත්ව රන් පදක්කම් ලාභියෙක් බවට පත්විය.
මේ වන විට ඔලිම්පික් රන් පදක්කම් හයක් හිමි බෝල්ට්, ඔලිම්පික් ඉතිහාසයේ වැඩිම පදක්කම් සංඛ්‍යාවක් ලද කෙටිදුර ධාවන කී‍්‍රඩකයා ලෙස ද ඔලිම්පික් ඉතිහාසයට එක්විය.
මීට කලින් වැඩිම පදක්කම් සංඛ්‍යාවක් ලද කෙටිදුර ධාවන කී‍්‍රඩකයා ලෙස නම් දරා තිබුණු කාල් ලූවිස් ලබාගෙන තිබුනේ ඔලිම්පික් පදක්කම් පහක් පමණි.
ඊයේ පැවති මීටර් 100x4සහය දිවීමේ තරගයේ රිදී පදක්කම ඇමෙරිකානු පිලට හිමිවිය. තෙවැනි ස්ථානයට තරගය නිමා කළ කැනේඩියානු පිල තරගය අතරතුරේදී සිදුකළ දෝෂයක් හේතුවෙන් තරගයෙන් ඉවත් කිරීමට තීරණය කිරීමෙන් අනතුරුව ලෝකඩ පදක්කම ටි‍්‍රනිඩෑඞ් හා ටොබෑගෝ පිලට හිමිවිය.








