බිබිල නාගල ශ්‍රී පියරත්න කණිෂ්ඨ විද්‍යාලය, ප්‍රාථමික පාසලක් ලෙස සංවර්ධනය කිරීමේ අරමුණින් ඒ සදහා මුල්ගල තැබීමට ඊයේ (11) එම ස්ථානයට ගිය නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතාට ආපසු හැරී ඒමට සිදුව තිබේ.
මේවන විට 1 ශ්‍රේණියේ සිට 11වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපන කටයුතු සිදුකරන මෙම පාසල 5වන ශ්‍රේණිය දක්වා සීමාකිරීමට එරෙහිව දෙමවුපියන් දැක්වූ විරෝධතාව හේතුවෙන් ඔහුට මෙලෙස ආපසු හැරී ඒමට සිදුවිය.
ප්‍රාථමික පාසල් 4000ක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ අධ්‍යාපන අමාත්‍යංශය විසින් නාගල ශ්‍රී පියරතන විද්‍යාලයද කණිෂ්ඨ පාසලක් බවට පත්කිරීමට කටයුතු සැලසුම් කර තිබිණි. කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යංශයේ මෙම ව්‍යාපෘතියට දැඩි විරෝධයක් එල්ලවී තිබේ.







Comments