A+ R A-

ලක් විජය යළි පණ ගැන්වේ

E-mail Print PDF

 

පසුගිය 08 වැනිදා අක්‍රීය වූ නොරොච්චෝලේ, ලක්විජය විදුලි බලාගාරය අද සිට යළි පණ ගැන්වීමට අපේක්ෂා කරන බව ලංකා විදුලි බලමණ්ඩලය ප්‍රකාශ කරයි.

අක්‍රීයවීමෙන් පසුව බලාගාරය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කර අවශ්‍ය නවීකරණ කටයුතු සිදුකළ බවත් මේවන විට බලාගාරය නැවත පණ ගැන්වීමට සුදුසු තත්ත්වයක තිබෙන බවත් විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති අනුර විජේපාල මහතා පැවසීය.

ඒ අනුව බලාගාරයේ බොයිලේරුව රත් කිරීමේ කටයුතු ඊයේ දහවල් සිට ආරම්භ කර තිබේ. කෙසේ වෙතත්  බලාගාරය පණ ගැන්වීමෙන් අනතුරුව තවත් පරීක්ෂණය කිහිපයක් සිදුකිරීමට නියමිත බවද එයද සාර්ථක වුවහොත් හෙට යළි ලක්විජය බලාගාරයේ විදුලිය ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට අපේක්ෂා කරන බව විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.

එසේ විදුලි උත්පාදනය යළි ඇරඹීමට හැකිවුව හොත් හෙට දිනයේ විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාවක් පැන නොනගිනු ඇති බව විදුලි බලමණ්ඩලය වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 

This content has been locked. You can no longer post any comment.

කාලගුණ අනාවැකිය

ජූලි මස 22 දිනය සඳහා කාලගුණ අනාවැකිය

ජූලි මස 22 දිනය සඳහා කාලගුණ අනාවැකිය

  මහජනයා සඳහා -   මධ්‍යම කදුකරයේ විටින් විට තද සුළං (පැ. කි. මී. 60දක්වා) බලාපොරොත්තුවිය හැක. දිවයිනේ අනෙක් කොටස් වලද විටින් විට... Read more

online

We have 132 guests online

Advertisment

advertisment