රන් පදක්කම් 46ක් ලබා ගෙන පදක්කම් සටහනේ ප්‍රථම ස්ථානයේ ඇමරිකා එක්සත් ජනපදයේ නම සටහන් කරමින් 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙල ඊයේ (12) අවසන් විය. එහිදී එක්සත් ජනපදය රිදී පදක්කම් 29ක්ද, ලෝකඩ පදක්කම් 29ක්ද දිනාගත්තේය.
පදක්කම් සටහනේ දෙවන ස්ථානයට පත්වූයේ චීනයයි. චීනය රන් පදක්කම් 38ක්ද, රිදී පදක්කම් 27ක් සහ ලෝකඩ පදක්කම් 22ක් දිනා ගැනීමට සමත්විය.
තෙවන ස්ථානය දිනූ සත්කාරක එංගලන්තය රන් පදක්කම් 29 ක්ද,රිදී පදක්කම් 17ක්ද,ලෝකඩ පදක්කම් 19 ක්ද දිනා ගන්නා ලදී. සිව්වන ස්ථානයට පත් රුසියාව රන්පදක්කම් 24 ක්ද,රිදී පදක්කම් 25 ක්ද,ලෝකඩ පදක්කම් 33 ක්ද දිනාගෙන ඇත.




















