A+ R A-

ඌව වෙල්ලස්ස සරසවියේ අර්බුදය මෙන්න

E-mail Print PDF

 

සිසුන් විසින් කාලයක් තිස්සේ තමන් මුහුණ දෙන අධ්‍යන හා සුබසාධන ගැටළුවලට විසඳුම් ඉල්ලා දිගින් දිගටම විශ්වවිද්‍යාල පරිපාලනය දැනුවත් කළද මේවනතෙක් ඊට විසඳුම් ලැබී නොමැත. ඒ හේතුවෙන් ඔවුන් මූලිකව පීඩා විඳින ගැටළුවලට විසඳුම් දෙනතුරු පසුගිය 08 වෙනිදා සිට අඛණ්ඩ පංති වර්ජනයකට යාමට සිසුන් තීරණය කළේ ඒ පිළිබඳව විශ්වවිද්‍යාල පරිපාලනය මෙන්ම ආචාර්යවරුන්ද දැනුවත් කරමිනි.

පංති වර්ජනය ආරම්භ කර දෙවන දිනය වන විටත් ඊට විසඳුම් දීමට උනන්දු නොවූ  විශ්වවිද්‍යාල පරිපාලනය සිසුන්ට ලබාදුන් සාකච්ඡාවේදීද ප‍්‍රශ්නය මගඇරගොස් ඇත. තවද එදින (09) පස්වරු 03 වන විට සියලූ සිසුන්ට සරසවි භූමියෙන් ඉවත් වන ලෙසද දන්වා ඇත. ඉන් අනතුරුව සිසුන් මේ පිළිබඳ උසස් අධ්‍යාපන අමාත්‍යංශය දැනුවත් කළ පසු සිසුන්ට විශ්වවිද්‍යාල භූමියෙන් ඉවත් වීමට ඊට පසුදා (10) උදෑසන 08 වන තෙක් කාලය ලබාදීමට කටයුතු කරන බව හා 13 (සඳුදා) වැනි දින උදෑසන 10 ට සිසුන්ට තම ගැටළු පිළිබඳ සාකච්ඡාවක් ලබාදීමටද උසස් අධ්‍යාපන අමාත්‍යංශය එකඟ වී ඇත. ඉදිරියේදී පැවැත්වෙන අමාත්‍යංශ සාකච්ඡාවෙන් තම ගැටළුවලට සාධාරණ විසඳුම් නොලැබුණහොත් තම ගැටළුවලට විසඳුම් ලැබෙනතුරු  අඛණ්ඩ කි‍්‍රයාමාර්ගවලට යන බවද සිසුන් පවසා සිටී. ඒ අතරම විශ්වවිද්‍යාල නැවත ආරම්භ වන දිනයක් පිළිබඳව විශ්වවිද්‍යාල පරිපාලනය මෙතෙක් දැනුම් දී නොමැත.

 

ඌව වෙල්ලස්ස සරසවි සිසුන් විසින් තම ගැටළු වලට විසඳුම් ඉල්ලා විශ්වවිද්‍යාල පරිපාලනයට භාරදුන් වාර්තාව මෙසේයි.

 

අධ්‍යන ගැටළු

 

1. විභාග කාල සටහන තුළ විෂයන් අතර කාල පරතරයක් නොමැත.

දින 20 ක් දක්වා වෙනත් කිසිඳු වර්ෂයක සිදු නොවූ අයුරින් විභාග කාල  සටහන ලඝු කොට ඇත. තවද මේ අසහනකාරී විභාග කාලසටහන නිසා එකම දිනය තුළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට විෂයන් හතරකට පමණ පෙනී සිටීමටද සිදුවී ඇත.

 

2. විෂයන් තුනකට වඩා වැඩියෙන් 80% පැමිණීම නොමැති වීම.

අර්ධ වාර්ෂිකයක් (semester) තුළ විෂයන් තුනකට වඩා වැඩියෙන් 80% පැමිණීම සපුරා නොමැති ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එම කාලසීමාව තුල සියලූ විෂයයන් සඳහා විභාගයට පෙනී සිටීම අහිමි කරන බව පරිපාලනය දන්වා සිටීම. මේ හේතුවෙන් සිව්වන වසරේදී විෂයන් තුනට වඩා අසමත් වුවහොත් එම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට උපාධිය සම්පූර්ණ කිරීම වසරකින් ප‍්‍රමාදවීම.

 

3. ප‍්‍රතිඵල ලබාදීමට ප‍්‍රමාදවීම.(වසරකට ආසන්න කාලයක් ගතවීම)

වසරක් පමණ ගතවූවත් ප‍්‍රතිඵල ප‍්‍රමාද වීමෙන් සිදුවනුයේ පෙර වසරවල අසමත් වූ හෝ පෙනී නොසිටි විෂයන් සඳහා සූදානම් වීමට කාලයක් නොමැති වීමයි. ඒ හේතුවෙන් අදාල අධ්‍යන වර්ෂයේ විෂයන් වලද විභාගයට මුුහුණ දීමට අසීරු වේ. මේ නිසා සිසුන් ඉතා මානසික පීඩනයකට ලක්වේ.

 

4. අඛණ්ඩ ඇගයීම්වල ප‍්‍රතිඵල ලබානොදීම.

අප විශ්වවිද්‍යාලයේ පවතින ක‍්‍රමවේදය මත සියලූම විෂයන්හි අවසන් ලකුණු සංඛ්‍යාවෙන් බහුතරයක් වන 60% ක ප‍්‍රමාණයක් අඛණ්ඩ ඇගයීම් වෙනුවෙන් ලබාදුන්නද එම ඇගයීම් වෙනුවෙන් අප විසින් ලබාගන්නා ලකුණු ප‍්‍රමාණයන් පිළිබඳව කිසිඳු පෙර දැනුවත් වීමත් සිදු නොකරනු ලබයි. එම ඇගයීම් වෙනුවෙන් ලබාදෙන ලකුණු ප‍්‍රමාණය සම්බන්ධ විධිමත් ලෙසින් දන්වා සිටිය හැකි නම් එය අවසන් පරීක්‍ෂණයට සහභාගී වීමට විශාල රුකුලක් වනු ඇත.

 

5. වෛද්‍ය සහතික අනුමත නොකිරීම.

අප රටේ සියලූම විශ්වවිද්‍යාල හා සියලූම උසස් අධ්‍යාපන ආයතන 80% ක පැමිණීමේ ප‍්‍රතිශතය වෙනුවෙන් වෛද්‍ය සහතික අනුමත කරනු ලැබුවද අප විශ්වවිද්‍යාලයේ 80% ක ප‍්‍රතිශතය සඳහා වෛද්‍ය සහතික සළකා ලබනු නොලබයි. ඒ සියලූ ශිෂ්‍ය ප‍්‍රජාව වෙනුවෙන් සිදු කරනු ලබන අසාධාරණයක් මෙන්ම විශ්වවිද්‍යාලයේ සියලූ බාහිර කි‍්‍රයාකාරකම් සහ කී‍්‍රඩා තරග වෙනුවෙන් වන සහභාගීවීම්ද අහෝසි කරවන්නට හේතුවනු ඇත. එමෙන්ම සාධාරණ වෛද්‍ය හේතු නිසාවෙන් දේශන සඳහා සහභාගී විය නොහැකි වන සිසුන්ගේ ශිෂ්‍ය ජීවිතයම අවුල් සහගත වීමට හේතු විය හැකිය.

 

6. ක්ෂේත‍්‍ර චාරිකා.

ඇතැම් විෂයන්වලට ක්ෂේත‍්‍ර චාරිකා කප්පාදු කිරීම. තවද ලැබෙන ක්ෂේත‍්‍ර චාරිකාද සෙමෙස්තරයේ අග ලැබීමද ශිෂ්‍යයන් වන අපහට මහත් හිසරදයකි. ක්ෂේත‍්‍ර චාරිකාවන් සඳහා විධිමත් සැළසුමක් නොමැති නිසා ඇතැම් ක්ෂේත‍්‍ර චාරිකා අහිමි විය. එම ක්ෂේත‍්‍ර චාරිකා සඳහා ලැබෙන බස් රථවල පහසුකම් ප‍්‍රමාණවත් නැති කම නිසා පූර්ව විභාග අධ්‍යන කාලසීමාව තුළ එම චාරිකා සංවිධානය කිරීම ශිෂ්‍යයන් වන අපහට මහත් හිසරදයකි.

 

7. බාහිර සම්පත්දායකයින්ගේ දේශන.

විශ්වවිද්‍යාලය තුළ ඇතැම් විෂයන් සඳහා සම්පත් දායකයින්ගේ හිඟයක් පවතින නිසා බාහිර සම්පත් දායකයින් කැඳවනු ලබයි. නමුත් ඔවුන්ගේ පැමිණීම සෙමෙස්තරයේ අගභාගය තුළ සිදුවීම විශාල ගැටළුවකි. තවද ඔවුන්ට විශ්වවිද්‍යාලය විසින් ප‍්‍රමාණවත් පහසුකම් සපයන්නේ නැත. තවද මෙම ගැටළුව සිදුවන අයුරින් ඉහත සඳහන් ප‍්‍රශ්නවලට ප‍්‍රබල බලපෑමක් සිදුකරයි.

 

 

විෂය බාහිර කි‍්‍රයාකාරකම් සම්බන්ධ ගැටළු

 

1. කී‍්‍රඩාවට සම්බන්ධ ගැටලූ.

මෙහි ප‍්‍රධාන ගැටළුව වන්නේ අන්තර් විශ්වවිද්‍යාල කී‍්‍රඩා තරගවලට යාමට ප‍්‍රමාණවත් තරම් පහසුකම් ලබානොදීමයි. කී‍්‍රඩිකයින්ට තරග සඳහා සහභාගී වීමට අවශ්‍ය දීමනා, කී‍්‍රඩා ඇඳුම්,  ප‍්‍රවාහන පහසුකම්, ඖෂධ වර්ග හා විධිමත් කී‍්‍රඩා උපකරණ නොලැබීමද මෙහිදී ප‍්‍රධාන වේ. කී‍්‍රඩාවන් සඳහා ප‍්‍රමාණවත් පුහුණු කරුවන් නොමැති වීම තදබල ප‍්‍රශ්නයක් වන අතර අනධ්‍යන කාර්ය මණ්ඩලය විසින් කළ යුතු කී‍්‍රඩා තරගවලට සහභාගී වීමට අදාළ පෙරසූදානම් කටයුතු කීඩා කණ්ඩායම්වල කී‍්‍රඩකයන්ට කිරීමට සිදුවීම.

 

2. විෂය බාහිර කටයුතු සඳහා ප‍්‍රමාණවත් මුදලක් ලබානොදීම.

ENM TROPHY, ANS TROPHY, BLOOD DONATION CAMPAIGN සඳහා පෙර වසර පහ තුළදී ප‍්‍රමාණවත් මුදල් ලද අතර මෙම වර්ෂයේදී ඒ සඳහා ප‍්‍රමාණවත් මුදල් ලබානොදීම.

 

3. සිසුන්ගේ කලා කුසලතා එළිදැක්වීමට කලා සංගමය විසින් විධිමත් ලෙස පවත්වාගෙන යාමට බිත්ති පුවත් පතක් සඳහා අවසර ලැබී මාස හතරක් පමණ ගතවී ඇති නමුත් එය තවමත් ලැබී නොමැත.

 

 

වෙනත් ගැටළු

 

1. අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ නිළධාරීන් සඳහා හැඳුනුම්පතක් ලබානොදීමෙන් සිසුන් අපහසුතාවයකට පත්වීම.

 

2. වෛද්‍ය මධ්‍යස්ථානයේ විශාල ඹෟෂධ හිඟයක් ඇත.

 

3. විශ්වවිද්‍යාල භූමියේ කැමරා සවිකර තිබීමෙන් සිසුන්ගේ නිදහසට ඉමහත් බාධාවක් වී ඇත.

Comments

 
+1 # Lanka 2012-08-13 07:33
hiiii...Meka school akak neda?
Reply | Reply with quote | Quote
 
 
0 # Kelum 2012-08-13 09:22
Niyamai, Thawa Gotta Allapalla Thawa hambawei
Reply | Reply with quote | Quote
 

This content has been locked. You can no longer post any comment.

සේයා සටහන

අවුරුදු දා

අවුරුදු දා

අධ්‍යාපනයේ නිදහසත්, නිදහස් අධ්‍යාපනයත් දිනා ගැනිමේ අරගලයට, අවුරුදු දා වුව විරාමයක් නොතබන ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය

Search