ලබන 15වැනිදා විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට පියවර ගෙන ඇතැයි පෙරටුගාමී සාමාජවාදී පක්ෂය පවසයි.
අධ්‍යාපන අයිතීන් සුරක්ෂිත කරන ලෙස ආණ්ඩුවට බල කිරීම මෙහි අරමුණයි. ලබන 15වැනිදා දහවල් 1.00ට කොළඹදී පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරයට සහභාගි වන්නැයි අද පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂය සියලු ජනතා බලවේගවලින් ඉල්ලා සිටියේය.







