Latest news
A+ R A-

ජනපති එකක් ඇමති තව එකක් - උපාධිධාරීන් අතරමං

E-mail Print PDF

 

උපාධිධාරීන්ට රැකියා ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එක් ප‍්‍රකාශයක්ද, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ අමාත්‍ය ඩබ්ලිව්. ඞී. ජේ. සෙනෙවිරත්න ඇමතිවරයා තවත් ප‍්‍රකාශයක්ද පැවසීම හේතුවෙන් ඇත්ත කියන්නේ කවුදැයි තෝරා ගැනීමට නොහැකිවී ඇති බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය කියයි.

එම සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් මේ බව කියා සිටී.

තාවකාලිකව නතර කර ඇති 2010සහ 2011වසරවල උපාධි සුදුසුකම් ලැබූ උපාධිධාරීන් පිරිසට රැකියා ලබාදීමට තීන්දු කළ බව ජනාධිපතිවරයා පසුගිය 10වැනිදා පැවසූ බවත්, ඊට දින දෙකකට පෙර උපාධිධාරී අභ්‍යාසලාභී පත්වීම් ලබාදෙන රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමතිවරයා ප‍්‍රකාශ කර තිබුණේ 2010උපාධිධාරීන්ට 2013වසරේත්, 2011උපාධිධාරීන්ට 2014වසරේත් රැකියා දෙන බව යැයිද එහි දැක්වේ.

අමාත්‍යවරයා වැඩිදුරටත් කරුණු දක්වමින්  වසර දෙකක් නිවසේ ගත කිරීම එතරම් දෙයක් නොවන බව සදහන් කර ඇතැයිද පැවසේ.මේ ප‍්‍රකාශ දෙකෙන් ජනාධිපතිවරයා කරන ලද ප‍්‍රකාශය තම සංවිධානය විශ්වාස කරන බවද එහි දැක්වේ.

කෙසේවුවද ජනපතිවරයා දින වකවානු සටහන් නොකිරීම ගැටලුවක් බවද එහි දක්වා තිබේ. අවිධිමත් අන්දමින් උපාධිධාරීන්ට රාජ්‍ය සේවයේ රැකියා ලබාදීම හේතුවෙන් මුළු රාජ්‍ය සේවයම අවුල් ජාලාවක් වී ඇති බවද දක්වන එම සංගමය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවලල සමෘද්ධි බැංකුවල කාලය ගත කරන උපාධිධාරීන්ගෙන් නිශ්චිත ඉලක්කයක් සහිත වැඩ ගැනීමක් සිදු නොකරන බවද සදහන් කර ඇත.

විශේෂයෙන් මඩකලපුව දිස්ති‍්‍රක්කයේ පුහුණුවට බඳවාගත් උපාධිධාරීන්ට මසක් ඉක්ම ගියද තවමත් වැටුප ලබාදී නැති බවත්ල සමහර පාසල්වල උපාධිධාරීන් ආහාර පිසීමට පවා යොදාගෙන ඇති බවත් පැවසේ.

එසේම පළාත් සභා මැතිවරණ පැවැත්වීමට නියමිත පළාත්වල  රැකියා නොලද උපාධිධාරීණ් සහ රැකියා ලද උපාධිධාරීන් ඡන්දයෙන් පසු බඳවාගන්නා බවටත්ල ස්ථිර කරන බවටත් කියමින් තම මැතිවරණ සඳහා යොදාගනිමින් සින බවද එම නිවේදනයේ දැක් වේ.

ජනාධිපතිවරයා විසින් කළ ප‍්‍රකාශය හුදු ප‍්‍රකාශයකට පමණක් සීමා නොකොරන ලෙසද ඔවුන් ඉල්ලා සිටී.

This content has been locked. You can no longer post any comment.

පුවත්

online

We have 72 guests online

Advertisment

advertisment