අද (13) දිනයේ සිටද සුපුරුදු පරිදි පැය 2යි විනාඩි 15ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කරයි.
නොරොච්චෝලේ බලාගාරය අද දින ක්‍රියාත්මක කිරීමට හැකිවෙතැයි බලාපොරොත්තු වුවද එය තවදුරටත් අලුත්වැඩියා කිරීමට සිදුව තිබෙන බව විදුලි බල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල මහතා පැවසීය.
බලාගාරය යථාතත්ත්වයට පත් කිරීමට තව සති දෙකක පමණ කාලයක් ගතවිය හැකි බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.







