ඊයේ (12) දිනයේ මහනුවර නිත්තවෙල පිටියේ පැවති රග්බි තරගය නැරබීම සදහා නාමල් රාජපක්ෂ මහතා සහබාගි වී ඇත. තරගය පැවැත්වුනේ මහනුවර කණ්ඩායම හා ශ්‍රීලංකා නාවික හමුදා කණ්ඩායම අතරය. කොළඹ, නුවර පාර ඊයේ දවස පුර දැඩි තදබදයක් නිර්මාණය වී ඇති අතර විශේෂ පොලිස් සේවා රැසක් ආරක්ෂාව සදහා යොදා ඇත.
ගමනා ගමනයට සම්පුර්ණ බාදා වී ඇත්තේ ආරක්ෂක රථ යොදාගෙන අනෙක් වාහන මාර්ගයෙන් ඉවත් කර ප්‍රභූ වාහන නිසාවෙනි. ලැබුන තොරතුරු අනුව එහි ගමන් කොට ඇත්තේ නාමල් රාජපක්ෂගේ සහ රෝහිත රාජපක්ෂගේ මිත්‍රයන්ය. මහා මග ගමන් ගත් ජනතාව මේ නිසා දැඩි අපහසුතාවයට පත් වී ඇත.
මහනුවර කණ්ඩායම සහ ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම අතර පැවැති මෙම තරගයෙන් නාවික හමුදා කණ්ඩායම පරාජයට පත්ව ඇත.
තරගය නිමවීමෙන් අනතුරුව පරාජය දරගත නොහැකි වූ නාවික හමුදා කණ්ඩායම නියෝජනය කරමින් පැමිණි පිරිස විසින් මහනුවර කණ්ඩායම නියෝජනය කළ පිරිසට පහරදීමට පටන්ගෙන ඇති අතර මෙම පහරදීමේ අවස්ථාවට නාවික හමුදා කණ්ඩායම නියෝජනය කරමින් සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ඔහුගේ සොහොයුරු රෝහිත රාජපක්ෂද සම්බන්ධ වී ඇත.









Comments