අද (13) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ආනයනික ලොකු ළූණු සහ අල සදහා බදු වැඩි කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව ආනයනික අල කිලෝවක් සදහා මෙතෙක් පැවැති රු. 10 බද්ද රුපියල් 30දක්වාද, ආනයනික ලොකු ළූණු කිලෝවක් සදහා මෙතෙක් පැවැති රුපියල් 25 බද්ද රුපිපියල් 50 දක්වාද වැඩිකළ බව අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යංශය පවසයි.







