Latest news
A+ R A-

බාල තෙල්වලින් ඇමති ඇඟ බේරා ගනී

E-mail Print PDF

 

සිංගප්පූරු විටෝල් සමාගම 2009 දී ලංකා ඛනිජ තෙල් නීනිගත සංස්ථා ලියාපදිංචි ලේඛනයෙන් ඉවත් කිරීමේ තීරණය මෙන්ම 2011 දී නැවත ලියාපදිංචි ලේඛන ගත කර ඇත්තේ තෙල් සංස්ථා අධ්‍යක්‍ෂ මණ්ඩල තීරණ මත යැයි ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක මේ බව වැඩිදුරටත් මෙසේද සඳහන්ය.

සිංගප්පූරු විටෝල් සමාගම 2009 දී ලංකා ඛනිජ තෙල් නීනිගත සංස්ථා ලියාපදිංචි ලේඛනයෙන් ඉවත් කිරීමේ තීරණය මෙන්ම 2011 දී නැවත ලියාපදිංචි ලේඛන ගත කිරීම කර ඇත්තේ තෙල් සංස්ථා අධ්‍යක්‍ෂ මණ්ඩල තීරණ මතයි.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සැපයුම්කරුවන් ලියාපදිංචිය සිදුකරනු ලබන්නේ සංස්ථාවේ වාණිජ අංශය විසින් පිළිගත් පරිචයක් අනුවය. අවශ්‍ය සුදුසුකම් සපුරාලීමෙන් පසු තාක්‍ෂණ ඇගැයීම් කමිටුවෙත්, ස්ථාවර ප‍්‍රසම්පාදන කමිටුවෙත් අනුමැතිය මත ලියාපදිංචිය සිදුවේ.

යම් ලියාපදිංචි සැපයුම්කාර සමාගමක් ලියාපදිංචියෙන් ඉවත් කිරීමේදී එම කමිටුවල අනුමැතිය මත ඉවත් කිරීම සිදුවේ. විටෝල් සමාගම 2009 වර්ෂයේදී ශ‍්‍රී ලංකාවට ආනයනය කරන ලද බලාගාර සඳහා භාවිතා වන දැවිතෙල් තොගයක් නියමිත පිරිවිතරයන්ට නොගැලපීම නිසා විදුලිබලාගාර යන්ත‍්‍ර කිහිපයක් ක‍්‍රියාවිරහිත විය. එම තෙල් තොගය එවකට තෙල් සංස්ථා බලධාරීන් විසින් කොටස් වශයෙන් කර්මාන්ත සඳහා විකුණා ඇත. මෙම සිද්ධිය නිසා එවකට සංස්ථා අධ්‍යක්‍ෂ මණ්ඩලය විටෝල් සමාගම අසාඳු ලේඛන ගත කිරීමට පියවර ගෙන ඇති අතර නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලද නීති උපදෙස් මත අදාළ සමාගම ලියාපදිංචි ලේඛනයන් ඉවත් කිරීම පමණක් 2009 දී සිදුකර ඇත.

2011 වර්ෂයේදී එවකට අධ්‍යක්‍ෂ මණ්ඩලය මගින් නැවතත් දැවිතෙල් කෙළවරපිටිය විදුලි බලාගාරය සඳහා සැපයීමට සැපයුම්කරුවන්ගේ තිබූ අවශ්‍යතාවය මත අධ්‍යක්‍ෂ මණ්ඩල තීරණයක් මත විටෝල් සමාගම නැවත ලේඛන ගත කර ඇත. ඉන්පසු ලියාපදිංචි සමාගමක් ලෙස නැවත ටෙන්ඩර් පටිපාටියට අනුව සැපයීම් සිදුකර ඇත.

එමනිසා සැපයුම්කාර සමාගම් ලියාපදිංචිය සහ ලියාපදිංචි ලේඛනයෙන් ඉවත් කිරීම ස්ථාවර ප‍්‍රසම්පාදන කමිටුව හා අධ්‍යක්‍ෂ මණ්ඩල තීරණයක් මත පමණක් සිදුවේ.

This content has been locked. You can no longer post any comment.

පුවත්

online

We have 122 guests online

Advertisment

advertisment