"නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් වෙනුවෙන් පෙළගැසෙමු" යන තේමාව යටතේ පවත්වනු ලබනආචාර්ය සිසු - ජන රැළියක් හෙට දින -15- සවස 3.00ට කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේ දී පැවැත්වේ.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙම රැලිය සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, කලාකරුවන්, මාධ්‍යවේදීන්, දේශපාලන පක්ෂ නියෝජිතයින්, වෘත්තීය සමිති නියෝජිතයින්, නීතිවේදීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය.
අධ්‍යාපනයේ ගැටලූ ගණනාවක් මතුව ඇති මේ මොහොතේ, නිදහස් අධ්‍යාපනයේ හෙට දවස වෙනුවෙන් ජනතාව පෙළගස්වන මෙම රැලිය සදහා සියලු දෙනාට ආරාධනා කරන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය නිවේදනය කර සිටී.








