Latest news
A+ R A-

වර්ජනයේ නියුතු සේවකයන් වෙනුවට අලුතින් 5000ක් ගන්නවා - විදුලි බල මණ්ඩලය

E-mail Print PDF

 

විදුලි බල මණ්ඩල සේවකයින් තවදුරටත් අඛණ්ඩ වැඩ වර්ජනයේ නිරත වුවහොත් ලංකා විදුලි බලමණ්ඩලයට අලුතින් සේවකයන් 5000ක් බදවා ගැනීමට කටයුතු කරන බව විදුලි බල හා බලශක්ති මණ්ඩලයේ උප සභාපති අනුර විජේපාල මහතා පැවසීය.

ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු ඒ බව පැවසීය.මේ අතර විදුලි වර්ජනයට මුහුණ දියයුතු ආකාරය සහ ඒ සම්බන්ධයෙන් ගතයුතු විකල්ප මාර්ගයන් සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩල අධ්‍යක්ෂක මණ්ඩලය ඊයේ සවස තීරණයකට එළඹ තිබේ.

ඒ අනුව ලංකා විදුලි බලමණ්ඩලයේ කාර්යාල සේවකයන් සඳහා දැනට රට පුරා සිටින 45,000ක් උපාධිධාරීන් අතුරින් බදවා ගැනීමටද, විදුලි සේවය සඳහා අත්‍යවශ්‍ය විදුලි අධිකාරීවරුන් අද (14) දිනයේද රැකියාවට වාර්තා නොකළහොත් දැනට සම්මුඛ පරීක්ෂණයට තේරී සිටින විදුලි අධිකාරීවරුන් හෙට (15) දිනයේ සිට රැකියාවට බඳවා ගැනීමට තීරණය කර ඇත.

එමෙන්ම කාර්මික සහ ක්ෂේත්‍ර සේවය සඳහා අවශ්‍ය සේවකයන් සඳහා දැනට රටපුරා ක්‍රියාත්මක වන කාර්මික පුහුණු ආයතන මගින් තාවකාලිකව බදවා ගැනීමටද තිරීනය කර ඇත.

වැටුප් විෂමතා ඉවත් කරන ලෙස බලකරමින් ලංකා විදුලිබල මණ්ඩල විධායක නොවන ශ්‍රේණියේ සේවකයින් පසුගිය සිකුරාදා දහවල් 12.00සිට වැඩ වර්ජනයක නියැලෙමින් සිටියි.

කුමන බලපෑම් එල්ල වුව ද සිය ඉල්ලීම් ලැබෙන තුරු වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ මෙහෙයුම් කමිටු සාමාජික රන්ජන් ජයලාල් මහතා සඳහන් කර සිටියි.

මෙම වැඩ වර්ජනය සම්බන්ධයෙන් කම්කරු කොමසාරිස්වරයාට ලිඛිතව දැනුම්දීමට ද කටයුතු කරන බව රන්ජන් ජයලාල් මහතා සඳහන් කළේය.

This content has been locked. You can no longer post any comment.

කාලගුණ අනාවැකිය

ජූලි මස 31 දිනය සඳහා කාලගුණ අනාවැකිය

ජූලි මස 31 දිනය සඳහා කාලගුණ අනාවැකිය

  මහජනයා සඳහා - දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි ස්වල්පයක් ඇති වේ. මධ්‍යම කදුකරයේ විටින් විට... Read more

online

We have 161 guests online

Advertisment

advertisment