A+ R A-

දෝෂය බාල ඩීසල්වල බව ත්‍රිපුද්ගල කමිටුව කියයි

E-mail Print PDF

 

පසුගිය දිනවල ඩීසල් වාහන කාර්මික දෝෂයන්ට ලක්ව ඇත්තේ ප්‍රමිතියෙන් බාල ඩීසල් හේතුවෙන් බව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටුව තහවුරුකර තිබේ. එම කමිටුවේ වාර්තාව ඊයේ (13) ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශ ලේකම් ආර්.එච්.එස්. සමරතුංග මහතා වෙත භාර දෙනු ලැබීය.

කමිටුව වෙත ලැබුණු පැමිණිලි විමර්ෂණය කිරීමේදී තෙල්වල දෝෂයක් හේතුවෙන් ෆිල්ටර් මගින් පෙරීමේ හැකියාවේ පැවැති දුර්වලතාවක් නිසා මෙම ගැටළුකාරී තත්ත්වය  මතුව ඇති බව එම වාර්තාවෙන් නිරීක්ෂණය කර තිබේ. කෙසේ වෙතත් එම තත්ත්වයට හේතු කුමක් දැයි සම්මත ප‍්‍රමිති පරීක්ෂාව සඳහා වූ රසායනාගාර පරීක්ෂණ ක‍්‍රම මගින් හඳුනාගත නොහැකි බව එම වාර්තාවේ තවදුරටත් දැක්වේ.

ඒ අනුව ආපදාවට ලක්ව ඉවත් කර ඇති ෆිල්ටර් උපයෝගී කරගෙන මේ පිළිබද විශේෂ රසායනාගාර පරීක්ෂණයක් කිරීමටත්, ප‍්‍රමිතිය සහ රසායනාගාර යාවත්කාලීන කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමටත් මෙම අතුරු වාර්තාවෙන් යෝජනා වී තබේ.

රසායනාගාර යාවත්කාලීන වන තෙක් විශ්වාසවන්ත සැපයුම්කරුවන් මගින් මෙරටට අවශ්‍ය ඉන්ධන සොයා ගැනීම මෙන්ම මනා තොග පාලන කළමනාකාරීත්වයක් පවත්වා ගැනීමට ද එහි යෝජනා වී තිබේ.

බාල ඩීසල් සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ති‍්‍රපුද්ගල කමිටුවේ අවසන් වාර්තාව ලබන සතිය මුල දී අමාත්‍යාංශ ලේකම්වරයාට භාරදීමට නියමිතය. මේ වන විට බාල ඩීසල් භාවිතය හේතුවෙන් කාර්මික දෝෂයට ලක්වූ වාහන සහ යන්ත්‍රෝපකරණ සම්බන්ධයෙන් පැමිණිලි 256ක් ලැබී තිබේ.

This content has been locked. You can no longer post any comment.

කාලගුණ අනාවැකිය

ජූලි මස 25 දිනය සඳහා කාලගුණ අනාවැකිය

ජූලි මස 25 දිනය සඳහා කාලගුණ අනාවැකිය

  මහජනයා සඳහා - දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇති වේ. මෙම වැසි වයඹ පළාතට... Read more

online

We have 92 guests online

Advertisment

advertisment