දිනෙන් දින අර්බුදයට පත්වෙමින් තිබෙන අධ්‍යාපන ක්ෂේත්‍ර යේ ගැටලු සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමුකරන ලෙස රජයට බල කරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂූ බලමණ්ඩලය විසින් අද (14) විරෝධතා පාගමනක් සහ උද්ඝෝෂණයක් සංවිධානය කර තිබේ.
අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා 6%ක මුදලක් වෙන් කිරීම,ආචාර්යවරුන්ගේ ගැටලුව විසඳා විශ්ව විද්‍යාලයට සිසුන් ඇතුළත් කර ගැනීම කඩිනම් කිරීම,පෞද්ගලික විශ්ව විද්‍යාල ස්ථාපිත කිරීමට විරෝධය පෑම,ඉසෙඩ් කෝර් ගැටලුවෙන් පීඩාවට පත්වූ සිසුන්ට සාධාරණත්වය ඉටුකළ යුතු බව අවධාරණය කිරීම මෙම විරෝධතාවයේ අරමුණු බව අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩලය පවසයි.
විරෝධතාව හේතුවෙන් මේවන විට කොළඹ -කොටුව හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල දැඩි රථ වාහන තදබදයක් නිර්මාණය වී ඇති බව පොලීසිය පවසයි.

















