Latest news
A+ R A-

ඊළාම් සහයෝගිතා සමුළුව යෝජනා 14ක් සම්මත කර ගනී

E-mail Print PDF

 

පසුගිය 12 වැනිදා ඉන්දියාවේ පැවැති ඊළාම් දෙමළ සහයෝගිතා සමුළුවේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනා 14ක් සම්මත කරගෙන තිබේ. ඉන්දීය ඩී.එම්.කේ. පක්ෂයේ නායක එම්. කරුණා නිධිගේ ප්‍රධානත්වයෙන් YMCA ක්‍රීඩාංගණයේදී මෙම සමුළුව පැවැත්විණි.

මෙම සමුළුවේදී සම්මත කරගෙන ඇති ප්‍රධානතම යෝජනාව ලෙස ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ගැටලුව විසඳීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා දෙමළ ජනතාව අතර ඡන්දයක් පැවැත්විය යුතු බවට නිර්දේශ කර ඇත.

ශ්‍රී ලංකාවේ යුද අපරාධකරුවන්ට එරෙහිව නිසි පියවර ගැනීම ද තවත් යෝජනාවකි.

එසේම දෙමළ ජනතාව පදිංචි ප්‍රදේශවලින් හමුදාව ඉවත් කළ යුතු බවද එහිදි යෝජනා කර ඇත.

තවද දෙමළ ජනතාවට කැමති දේශපාලන විසඳුමක් ඔවුන්ට ලබා ගැනීම සඳහා ඉන්දියාව එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා යෝජනාවක් ඉදිරිපත් කළ යුතු බවට ද වන යෝජනාවකි.

උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවන තත්ත්වය සාමාන්‍ය අතට හැරවීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට බලකිරීම ද සමුළුවේදි ඉදිරිපත් වු යෝජනාවකි.

සරණාගතයින් ලෙස විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයින් ආපසු ගෙන්වා ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ශ්‍රී ලංකාවට බලකළ යුතුය යන්න තවත් යෝජනාවක් වෙයි.

ඉන්දියාවේ වෙසෙන සරණාගතයින්ට ප්‍රජා අයිතිය ලබාදීම හෝ ඔවුන්ට කිසිදු කරදරයකින් තොරව ජීවත්වීමට අවස්ථාව ලබාදිය යුතු බවට ද යෝජනා කර ඇත.

සරණාගතයින් සම්බන්ධ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගිවිසුම ඉන්දියාව හා ශ්‍රී ලංකාව අනුගමනය කළ යුතු බවට ද යෝජනා කර තිබේ.

එසේම ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ගැටලුව දකුණු ආසියාවේම ගැටලුවක් බවට පත් විය යුතු බවට ද ඉදිරිපත් වී ඇති තවත් යෝජනාවක්ය.

දෙමළ සිරකරුවන් නිදහස් කළ යුතු බවට ද එහිදි නිර්දේශ කර ඇත.

තමිල්නාඩු ධීවරයින්ට සිදුවන පහරදීම වහා නැවැත්විය යුතු බවද එහිදි යෝජනා වී ඇති අතර කච්චතිව් දූපත නැවත පවරාගෙන තමිල්නාඩුවේ මණ්ඩපම් හා දනුෂ්කොඩි පෙදෙස්වල නාවික හමුදා කඳවුරු ස්ථාපිත කිරීම තවත් යෝජනාවකි.

දෙමළ ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට ජාත්‍යන්තර කමිටුවක් පත් කිරීම ද තවත් යෝජනාවක්ය.

එසේම ශ්‍රී ලංකාවේ හමුදාවට කිසිසේත් ඉන්දියාව තුළ පුහුණුවක් ලබා නොදිය යුතු බවට ද යෝජනා වී තිබේ.

අදාළ යෝජනා සියල්ල (TESO) සමුළුවේදි සම්මත වී ඇති බවද එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම සමුළුව සදහා ශ්‍රී ලංකාවේ නව සමසමාජ පක්ෂයේ නායක වික්‍රමබාහු කරුණාරත්න මහතාද සහභාගීවූහ. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධයට ඉන්දියාව සෘජුව වගකිවයුතු බවට ඒ මහතා සිය දේශණය තුළදී ප්‍රකාශ කිරීමත් සමඟ සමුළු සංවිධායකයින් ඔහුගේ දේශණය නවත්වා තිබේ. එමෙන්ම සමුළුව සඳහා දෙමළ ඩයස්පෝරාව නියෝජනය කරමින් පැමිණි නියෝජිතයින් දෙදෙනෙකුද සිය අදහස් දැක්වීම්වලදී ඉන්දියාවේ ක්‍රියාකලාපය විවේචනය කිරීමත් සමඟ ඔවුන්ගේ අදහස් දැක්වීම්ද නතර කරන ලෙස සමුළු සංවිධායකයින් දැනුම්දී ඇති බව වාර්තාවේ.

This content has been locked. You can no longer post any comment.

පුවත්

online

We have 148 guests online

Advertisment

advertisment