බාල ඞීසල් භාවිත කිරීම හේතුවෙන් තම මෝටර් රථය කි‍්‍රයා විරහිත වූ බව පවසමින් දකුණු පළාත් සභා එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍ර බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පළාත් සභා ගොඩනැගිල්ල ඉදිරිපිට අද (14) විරෝධතාවක නිරත විය.
මන්තී‍්‍රවරයා තවත් පිරිසක් සමග එක්ව තම මෝටර් රථය තල්ලූ කරමින් අද දින පැවත් පළාත් සභා රැස්වීමට සහභාගි වී තිබේ. පළාත් සභා රැස්වීමට පැමිණි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්තී‍්‍රවරුන් බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතාට විරෝධය පළ කර ඇති අතර එහිදී උණුසුම් වචන හුවමාරුවක් සිදු ව තිබේ.
කෙසේ වෙතත් තත්වය සමථයකට පත්වීමෙන් පසු මන්තී‍්‍රවරයා දකුණු පළාත් සභා ගොඩනැගිල්ල ඉදිරිපිට සිට කාර්මිකයෙකු යොදවා සිය මෝටර් රථය අලූත්වැඩියා කර තිබේ.






