විදුලිය කප්පාදු කිරීමේ කාල සීමාව හෙට (16) දිනයේ සිට පැය 3යි විනාඩි 20ක් දක්වා දීර්ඝ කිරීමට සිදුවන බව ලංකා විදුලි බලමණ්ඩලයේ උප සභාපති අනුර විජයපාල මහතා පවසයි.
මෙම කප්පාදුව නොරොච්චෝලේ බලාගාරයේ කටයුතු යථා තත්ත්වයට පත්වන තෙක් කිරීමට සිදුවන බව ඒ මහතා පැවසීය.
එම බලාගාරය ලබන 27-28 වැනි දිනයන් වන විට යළි යථා තත්ත්වයට පත්කිරීමට හැකි වනු ඇති බව ඒ මහතා විශ්වාසය පළ කළේය.








