පසුගිය 11 වැනිදා පස්වරුවේ බදුල්ල මහ රෝහල ඉදිරිපිටදී රිය අනතුරකට ලක්ව බරපතළ තත්ත්වයේ පසුවූ එම රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයා මියගොස් ඇති බව වාර්තාවේ. ලොරි රථයකට යටවීමෙන් ඔහු මෙලෙස තුවාළ ලබා තිබිණි.
එම සිද්ධිය මුල්කර ගනිමින් 12 වැනිදා බදුල්ල රෝහලේ සියළු කාර්ය මණ්ඩලය එක්ව විරෝධතාවක්ද පැවැත්වූ අතර පොලීසිය විසින් එම අනතුර සිදු කළ පුද්ගලයන් සම්බන්ධයෙන් ලිහිල් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව සේවකයෝ පෙන්වා දුන්හ. කෙසේ වෙතත් එම උද්ඝෝෂණයට පොලීසිය විසින් කදුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කරනු ලැබීය.







