වැඩවර්ජනයේ නියුතු විදුලි අධිකාරිවරු සහ කාර්මික ශිල්පීන් අද (15) දිනය තුළ සේවයට වාර්තා නොකළහොත් විශ්‍රාමික විදුලි අධිකාරිවරු සහ කාර්මික ශිල්පීන් බඳවා ගැනීමට පියවර ගන්නා බව ලංකා විදුලි බල මණ්ඩලය අවධාරණය කරයි.
මෙම සතිය තුළ සම්මුඛ පරීක්ෂණ පවත්වා බඳවා ගැනීම් සිදුකරන බව එම මණ්ඩලය සඳහන් කරයි. කාර්මික සේවා සඳහා කාර්මික ආයතන හරහා තාවකාලික පදනම මත ආයතනික ගිවිසුමකට යටත්ව පුහුණු ශ්‍රමිකයින් බඳවා ගැනීමට ද අවධානය යොමුව ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
කෙසේ වෙතත් තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද දිනයේද අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි.






