Latest news
A+ R A-

Warning: file_get_contents(http://api.flickr.com/services/rest/?photoset_id=72157631078629594&per_page=30&page=1&extras=url_t%2Curl_m%2Cowner_name&api_key=749261ac0bf1a95eb467311402eb1ab5&method=flickr.photosets.getPhotos&format=php_serial) [function.file-get-contents]: failed to open stream: HTTP request failed! HTTP/1.0 403 Forbidden in /home/lviews/public_html/sn/plugins/content/myFlickr/myFlickr.class.php on line 81

අධ්‍යාපනය සුරකින්නැයි බල කිරීමට පෙසප පාරට බසී

E-mail Print PDF

altඅධ්‍යාපන අයිතිය ආරක්ෂා කරන ලෙස ආණ්ඩුවට බල කිරීමේ දැවැන්ත උද්ඝොෂණයක් අද පෙරටුගාමී සමාජවාදී පක්ෂ‍ය විසින් කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී පවත්වනු ලැබීය. 

''පාසල් වසා දැමීම නවතනු!", "අසාධාරණයට ලක් වූ සියලු සිසුන්ට සරසවි ප්‍රවේශය ලබා දෙනු!", " පාලකයිනි, අධ්‍යාපනයේ බර ජනතාව මත පටවන සැලසුම් හකුළා ගනු!", " අධ්‍යාපනයේ සම අයිතිය දිනා ගැනීමට පෙළ ගැසෙමු!", "මාළඹේ හොර උපාධි කඩය අහෝසි කරනු!", "සිසු ජීවිත පීඩාවට පත් කරන අධ්‍යාපන ක‍්‍රමය  වෙනස් කිරීමට පෙළ ගැසෙමු!" ආදී සටන් පාඨ පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුහු විරෝධතාවයේ නිරත වූහ.

උද්ඝෝෂණය අවසානයේ උද්ඝෝෂකයින් අමතමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා මෙසේ පැවසීය.

"අද වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයේ බරපතළ අර්බුද ගණනාවක් උද්ගතව තිබෙනවා. අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදනයෙන් 6%ක් වෙන් කළ යුතු වුවත් මේ ආණ්ඩුව වෙන් කර තිබෙන්නේ 1.8%ක් පමණයි. ගෙවුණු අවුරුදු 35 තුළ අධ්‍යාපනයට අඩුම මුදලක් වෙන් කළ ආණ්ඩුව මේ ආණ්ඩුව. 

ඇතැමුන් අධ්‍යාපනයේ ප්‍රශ්නය එස්.බී. දිසානායකටයි, බන්දුල ගුණවර්ධනටයි ලඝු කරන්න හදනවා. ඒ දෙන්නා ගෙදර යවන්න කියනවා. ඒ දෙන්නා ගෙදර යැව්වාට මේ ප්‍රශ්නය විස‍‍ඳෙන්නේ නැහැ. මේක නව ලිබරල් ධනවාදයේ ප්‍රශ්නයක්. සමාජ ආර්ථික ප්‍රතිපත්තිවල වෙනසක් ඇති නොකර මේ ප්‍රශ්නයට උත්තර සොයන්න බැහැ. අද වෙන කොට රජයේ පාසල් ගෙවන වාට්ටුවල තත්වයට පත් වෙලා තිබෙනවා.

 අපි අද මේ පාරට බැස්සේ, ජාති, කුල-මළ, ආගම්, වර්ණ මේ කිසිදු භේදයකින් තොරව සියලු දෙනාට අධ්‍යාපනයේ සම අයිතිය දිනා ගැනීම සඳහා  හඬ නගන්නයි. අධ්‍යාපන අයිතීන් ආරක්ෂා කරන සටන දේශපාලන පක්ෂවලට හරි, වෙනත් සංවිධානවලට හරි භාර දීලා හරියන්නේ නැහැ. ඒ සටනට ජනතාව සක්‍රියව දායක විය යුතුයි. ඒ සඳහා පෙරට එන්න කියන ආරාධනය අපි මේ රටේ සියලු ජනතාව වෙත ඉදිරිපත් කරනවා."

Err :

 

This content has been locked. You can no longer post any comment.

පුවත්

online

We have 66 guests online