මේ දිනවල පැවැත්වෙන අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඊයේ (15) පැවැති රසායන විද්‍යා පළමු ප්‍රශ්නය සමඟ ලබා දියයුතු ආවර්ථිතා වගුවේ ආදර්ශ පිටපත් විභාග අපේක්ෂකයන් වෙත ලබාදී නැතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.
සාමාන්‍යයෙන් මීට පෙර පැවැති විභාගවලදී ආවර්ථිතා වගුව සිසුන් සඳහා ලබා දෙන බැවින් සිසුන් මෙම වගුව පාඩම් කර මතකයේ තබා ගන්නේ නැති බවද මේ නිසා ඊට අදාල ප‍්‍රශ්න සඳහා පිළිතුරු සැපැයිම බහුතරයක් සිසුන්ට අපහසු වී ඇති බවද ඒ මහතා කීය.
මේ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ මෙවර විභාගයේදී ආවර්ථිතා වගු ලබා නොදීමට තීරණයක් ගෙන තිබූ බවයි. කෙසේ වෙතත් එවැන්නක් සම්බන්ධයෙන් සිසුන් දැනුවත් කර නොතිබූ බවත් එසේ විභාගයේ වෙනස්වීමක් සිදුවන්නේ නම් ඊට පෙර සිසුන්ට ආදර්ශ ප්‍රශ්න පත්‍ර සහ අදාළ විෂය කොටස් සම්බන්ධයෙන් පූර්ව දැනුවත් කිරීමක් සිදුකළයුතු බවද ජෝසප් ස්ටාලින් මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.








