ඇඹිලිපිටිය, චන්ද්රිකා වැවේ ඡලය හම්බන්තොට දිස්ත්රික්කයේ ගොවීන්ටද ලබා දෙන ලෙස ඉල්ලමින් අගුණකොළ පැලැස්ස නගරයේදී (15) අද ගොවීහු උද්ඝෝෂණයක නිරත විය.
චන්ද්රිකා වැවේ ජලය මේවන විට පළාත් සභා ඡන්දය පැවැත්වෙන සබරගමුව පළාතට අයත් ප්රදේශවලට පමණක් නිකුත් කරමින් තිබෙන බවත් ඒ හේතුවෙන් තම වගාකටයුතු කරගෙනයාමට නොහැකිවී ඇති බවත් පවසමින් ගොවීන් මෙම විරෝධතාව පැවැත්වූහ.
මේ සඳහා ගොවි සංවිධාන 60ක ගොවියන් 2000කට අධික පිරිසක් සහභාගීවූහ. ජලය ලබා නොදීම හේතුවෙන් තම වගාවන්ට සිදුවූ හානි වලට වන්දි ලබා දෙන ලෙසද, චන්ද්රිකා වැවේ ජලය සෑම ප්රදේශයකටම සාධාරණ ලෙස බෙදාහරින ලෙසද ගොවීහු මෙහිදී ඉල්ලා සිටියහ.







