කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ පවත්වාගෙන ගිය ජ්‍යෙෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න මහතාට අයත් කාර්යාලයකට මැතිවරණ කාර්යාලය විසින් මුද්‍රා තබා තිබේ.
ඉදිරියේදී පැවැත්වෙන පළාත් සභා මැතිවරණ නීති අනුගමනය කරමින් මෙම පියවර ගත් බව කෑගල්ල දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරී හා දිස්ත්‍රික් ලේකම් තුසිත වනිගසිංහ මහතා ප්‍රකාශ කළේය. මෙවර පළාත් සභා මැතිවරණයට තරඟ වදින ආතාවුද සෙනවිරත්න මහතාගේ පුත්‍රයකු විසින් එම කාර්යාලය මැතිවරණ කටයුතු සදහා යොදා ගන්නා බවට ලැබුණු පැමිණිලි අනුව මෙම පියවර ගත් බව ඔහු ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් මේවන විට මැතිවරණය සඳහා රාජ්‍ය දේපළ යොදාගන්නා බවට පැමිණිලි රාශියක් මෙන්ම සිදුවීම් රාශියක්ද වාර්තාවී තිබේ.








